බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට…

HTML tutorial
Reading Time: < 1 minute

තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සදහා ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.

ඒ බව ඔහු සදහන් කළේ දැනට සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබදව ඊයේ (23) සොයා බැලීම සදහා රැස්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පැවැති ගැටුම්වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය.

මෙම විශේෂ සාකච්ඡාවට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු උසස් පොලිස් නිළධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape room
  2. HowardP

Post a new comment

Your email address will not be published. Required fields are marked *