බින් එකෙන් එළියට ආපු සදීරගේ වාසනාව… ඩොලර් 68,000 කට විකිණෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී අද (14) කිසිවෙක් බලාපොරොත්තු නොවූ සිද්ධියක් සිදුවිය.

එය ඇත්ත වශයෙන්ම සදීර සමරවික්‍රම ට වාසනාව ගෙන ආ මොහොතක් විය.

ඔහුගේ ආරම්භක ලංසුව වූයේ 20,000කි.

නමුත් කිසිවෙකු ඔහු ගැන එතරම් සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නොවූ බැවින්  ක්‍රීඩක වෙන්දේසිය සිදුකළ චාරු ෂර්මා, සදීර ගේ නම සඳහන් කාඩ්පත බින් එකට දැමීය.

ඒ සමගම දඹුල්ල පිල සදීර වෙනුවෙන් ලංසුවක් තැබීය.

ඒ මූලික වටිනාකම ලෙස දක්වා තිබූ අමෙරිකානු ඩොලර් 20,000කි.

අනතුරුව ඔහු වෙනුවෙන් දඹුල්ල සහ කැන්ඩි කණ්ඩායම් අතර ඇතිවූයේ දැඩි තරගයකි.

කෙසේ හෝ සදීර ව හිමිකර ගැනීමට දඹුල්ල සමත්විය.

ඒ වනවිට සදීර ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 68,000කි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *