පෝලිමට තිත… දවස් තුනෙන් පාස්පෝට් එක ගෙදරටම…

HTML tutorial
Reading Time: < 1 minute

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමේ ක්‍රමවේදය අනිද්දා දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දින මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවය.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවද ඔවුන් කියා සිටී.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකි වන බව ද දෙපාර්තමේන්තුව කියා සිටී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *