පැය 3ක විදුලි කප්පාදුවක් අතළඟ… ජලාශ හිඳීයයි…

HTML tutorial
Reading Time: < 1 minute

සමනල වැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මත ඉදිරි කාල සීමාව ඇතුළත ගොවිතැන් කටයුතු මෙන්ම විදුලි බල නිෂ්පාදනයද අඩාළ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරි සතිය තුළදී පමණක් සමස්ථයක් ලෙස රුපියල් බිලියන 30ක පමණ අලාභයක් මෙමගින් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ.

සමනල වැවේ සිට උඩවලව ජලාශයට දින දහයකට සෑහෙන ජල ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා විදුලිබල අමාත්‍යාංශය නිලධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවේදී මේ බව හෙළි වී තිබේ.

පසුගිය කාලයේ දී මෙම ජලාශයට අපේක්ෂිත වර්ෂාවෙන් ලැබී ඇති 50% ක ජල ධාරිතාවකි.

ඒ අනුව පවතින ජල සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි සතිය තුළදී මෙම අලාභ සිදු වීමට නියමිත අතර විදුලි නිෂ්පාදනය ද අඩාල වීම හේතුවෙන් අලාභය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු ගත කර තිබේ.

පවතින තත්ත්වය මත සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කළ හොත් දකුණු පළාතට පැය එකේ සිට තුන දක්වා විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බවද එහිදී දැනුම් දී තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *