පාපන්දු තහනම ඉවත් කිරීම ගැන ගත්තු තීරණය…

HTML tutorial
Reading Time: < 1 minute

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැති සාකච්ඡා පාපන්දු තහනම ඉවත් කර ගැනීමට යම් සුබදායී බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම වීඩියෝ තාක්ෂණ සාකච්ඡාවට ලෝක පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල පරිපාලන ගැටලු සම්බන්ධ ප්‍රධානී කෙනී ජියේන්, ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල පරිපාලන ගැටලු සම්බන්ධ ප්‍රධානී වහීඩ් කර්නාඩි යන මහත්වරු හා ලෝක පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා හා නීති ගැටලු සම්බන්ධ ප්‍රධානී සාරා සොලමාලී මහත්මිය එක්ව සිටියහ.

ජාත්‍යන්තර පාපන්දු තහනමත් සමඟ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙන්ම පාපන්දු ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා වූ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, අධ්‍යක්ෂ ජනරාල් ඒ. මුතුමාල හා සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape rooms hub

Post a new comment

Your email address will not be published. Required fields are marked *