නොවැක් ජොකොවිච්ගේ අලුත්ම ලෝක වාර්තාව

HTML tutorial
Reading Time: < 1 minute

2023 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් තරගය සුපිරි ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ නෝර්වේ ක්‍රීඩක කැස්පර් රූඩ් අතර පැවැත් වුණා.

ඉතා තියුණු මුහුණුවරගත් මෙම තරගයෙන් ලකුණු 7ට 6ක්,6ට 3, සහ 7ට 5ක් ලෙස වට 3ට 0ක් ලෙස ජය ගත් ජොකොවිච් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව සිය දෝතට ගත්තා.

නොවැක් ජොකොවිච් දිනූ 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතාව මෙය වෙද්දී මේ සමග ඔහු ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනූ ක්‍රීඩකයාගේ ලෝක වාර්තා තමන් සතු කර ගත්තා.

ඒ ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා 22ක් දිනා මෙම වාර්තාවට හිමිකම් කියූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් අභිබවා යමින්.

නොවැක් ජොකොවිච් මේවන විට ප්‍රංශ සහ අමෙරිකානු ටෙනිස් ශූරතාව තෙවතාව බැගින් , ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දසවතාවක් සහ විම්බල්ඩන් ටෙනිස් ශූරතාව 7 වරක් දිනා ගෙන තිබෙනවා.

මේ සමග ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ජොකොවිච් අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමගින් දෙවැනි ස්ථානයේ සමතැන් ගන්නටත් සමත් වුණා.

ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ශූරතා සංඛ්‍යාවක් දිනා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට් වන අතර ඇය ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා 24ක් දිනා ගෙන තිබෙනවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. LeiaP

Post a new comment

Your email address will not be published. Required fields are marked *