නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් ජනපති අපේක්ෂකත්වයට ළඟා වෙයි

HTML tutorial
Reading Time: < 1 minute

මේ වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ ජනාධිපතිවරණ සඳහා තරග වදින අපේක්ෂකයන්ගේ පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීම යටතේ පෙරේදා නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ දේශපාලන මණ්ඩලයේ නාමයෝජනා ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ ඡන්ද ගණනයෙන් 91%ක් නිමාවට පත් වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රාන්තයේ පක්ෂ නියෝජිතයන් 11දෙනකුගේ ඡන්ද සමඟ සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 54.5%ක ප්‍රතිශතයක් ලබා ඇතැයි ද, ඔහු සමඟ නාමයෝජනා සටනට ඉදිරිපත් වී සිටි එකම ප්‍රතිවාදියා වන හිටපු තානාපතිනිය නිකී හේලි නියෝජිතයන් 8 දෙනකු ඇතුළුව 43.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර අයෝවා ප්‍රාන්ත රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී අපේක්ෂකයකුව සිටි ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ඡන්ද සටනින් ඉවත් වී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සඳහා හිටපු ජනාධිපති ට්‍රම්ප් සමඟ තවදුරටත් ඡන්ද සටනට එක්වන බව නිකී හේලි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රාන්ත ඡන්ද විමසීමකදී මේ දක්වා කිසිදු අපේක්ෂකයකු පළමු ප්‍රාන්ත 2ම ජයගැනීමට සමත් නොවූ බව ද

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *