නිර්වින්දනයට බාල බෙහෙත් දී අවුරුදු 02ක දරුවා මෙළොව හැර යයි…

HTML tutorial
Reading Time: < 1 minute

පේරාදෙණිය ශික්‍ෂණ ළමා රෝහලේ ශල්‍යකර්මයක් අතරතුරදී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් බව කියන ඖෂධයක් හේතුවෙන් අවුරුදු දෙකක පිරිමි දරුවකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අරූෂ අස්මිත නමැති දරුවෙක්.

පාදයක අස්ථියක සැත්කමක් සඳහා පසුගිය 23 වැනිදා දරුවා රෝහලට ඇතුළත් කළ බවත්, පැය 6 ක සැත්කමකින් පසුව දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර දින දෙකකට පසුව දරුවා මියගිය බවත් දරුවාගේ දෙමාපියෝ පවසනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ සඳහන් කළා,

“මේ මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය ළමා ශික්‍ෂණ රෝහලත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් නිසි පරිදි පරීක්‍ෂණයක් කරලා රටට ඇත්ත හෙළිකරන්න ඕනෑ, නිර්වින්දන ඖෂධවල ගුණාත්මක භාවය අඩු කිරීම නිසා ද මේ දරුවාගේ මරණය සිද්ධවුණේ කියා. මෙවැනි ළමා රෝහලක ශල්‍යකර්ම සිදුකිරීමේදී නිර්වින්දන කටයුතු සඳහා භාවිතා කරන නිර්වින්දන උපකරණවල ගැටලු සහගත තත්ත්වයක් පවතින බවට වාර්තා වෙනවා.”

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *