නාරම්මලදී මියගිය අයට පොලිසියෙන් මිලියනයක වන්දි මුදලක්

HTML tutorial
Reading Time: < 1 minute

නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ලොරි රථ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ලබා දී තිබේ.

අලව්ව ප්‍රදේශයේ පිහිටි මිය ගිය රියදුරාගේ නිවසේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම මුදල ලබා දී ඇත.පසුගිය 18 වැනි දා පස්වරුවේ නාරම්මල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේ දී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර, එම රථය අණ නොතකා ධාවනය කර ඇත.

එහි දී උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසල දී පරීක්ෂාවට ලක්කර තිබේ.එම අවස්ථාවේ දී උපපොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුගේ හිසට වෙඩි වැදී ඇති අතර, රියදුරු එම ස්ථානයේ දී ම මියගොස් තිබිණි.වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ, රොෂාන් කුමාරතිලක නම් 41 හැවිරිදි තිදරු පියෙකු වන අතර, ඔහු මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මිකයෙකි.

සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ (19) දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බවයි.සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *