නව කොවිඩ් එන්නතක් ළඟදීම…

HTML tutorial
Reading Time: < 1 minute

ලබන මාසයේදී අමෙරිකාවේදී නවතම කොවිඩ් එන්නතක් එළිදැක්වීමට නියමිතය.

එම එන්නත එළිදැක්වෙන්නේ “ඒරිස්” නම් තවත් කොවිඩ් ප්‍රභේදයක් එරට ව්‍යාප්ත වෙමින් ඇති අවස්ථාවක බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම නව කොරෝනා ප්‍රභේදය “ඔමික්‍රෝන්” ප්‍රභේදය හා සමානය.

එබැවින් ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වෙතැයි අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරයි.

නව එන්නත සාමාන්‍ය උණ සඳහා ලබාදෙන එන්නතක් ලෙස අමෙරිකානුවන් ලබා ගනිතැයි අපේක්ෂා කෙරේ.

එහෙත් 2021 වසරේදී කොවිඩ් එන්නත හඳුන්වාදීමෙන් පසු ඒ සඳහා තිබූ ඉල්ලුම සීඝ්‍රයෙන් පහළගොස් ඇති අතර එරට ජනගහනයෙන් මිලියන 240ක් පමණ එක් කොවිඩ් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *