නව කැළණි පාලමටත් වැඩේ දෙයි… කොටි 50ක බඩු අතුරුදහන්…

HTML tutorial
Reading Time: < 1 minute

කටුනායක අධිවේගී මාර්ගයේ සහ නව කැලණි පාලමේ ඇණ ගැලවීම, තඹ කමිබි කැපීම සහ අනෙකුත් යකඩ උපකරණ සොරුන් විසින් ගලවාගෙන යෑමෙන් මේ වන විට රුපියල් කෝටි 50කට අධික අලාභයක් සිදුව ඇති බව අධ්‍යක්ෂ (අධිවේගී මාර්ග මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා ‘දිනමිණට’ ඊයේ (26) පැවසීය.

මේ වන විට කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර 17ක පමණ ප්‍රමාණයක තඹ කම්බි සහිත විදුලි රැහැන් සොරුන් විසින් කපාගෙන ගොස් ඇති අතර මීට අමතරව ආරක්ෂිත වැටේ යකඩ කපාගෙන යෑම, ලයින් කණු කැපීම, ආරක්ෂිත පුවරුවල යකඩ කැපීම සහ ගලවාගෙන යෑම, විදුලි පැනල් බෝඩ් ගලවාගෙන යෑම, සී.සී.ටී.වී. කැමරාවල ෆයිබර් ඔප්ටික් රැහැන් තඹ කම්බි ඇතැයි සිතා කපාගෙන යෑම සිදු කර ඇති බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

අලුත් කැලණි පාලමේ අලංකරණ විදුලි පහනක් රුපියල් ලක්ෂ 12ක් පමණ වන බවත් ඒවායින් එකක් ද පසුගිය සතියේ සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර මෙයට අමතරව එහි ඇති යකඩ බට ගලි කානුවල ඇති ආරක්ෂිත යකඩ ආවරණ ද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස්පතිවරයා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පැවැත්වූ බව ද ඒ මහතා කියා සිටියේය. එම සාකච්ඡාවලින් අනතුරුව පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ආරක්ෂාව දැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පැවසීය. මේ වන විට කැලණි පාලමේ ගලවාගෙන ගොස් ඇති බටවලින් යම් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධ සොරුන් 25ක් පමණ පොලිසිය මඟින් අල්ලාගෙන ඇති අතර ඔවුන් අතුරින් බොහොමයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇති බව ද පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *