දේශපාලන ඝාතන මැද එක්වදෝරයේ ජනපති සටන ඇරඹෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

දිනෙන් දින හිස ඔසවන එක්වදෝරයේ දේශපාලන ඝාතන රැල්ල මධ්‍යයේ ඊයේ එරට ජනාධිපතිවරණය දැඩි ආරක්ෂක රැකවල් මැද පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එක දිගට දින පහක් ඇතුළත එරට දේශපාලන ඝාතන දෙකක් සිදු වූ අතර, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයකු ද ඒ අතර විය.

එරට ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ෆර්නැන්ඩෝ විලේවිසෙන්සියෝ එරට කුයිටෝ අගනුවරදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමෙන් දින 5කට පසුව වාමාංශික පුරවැසි විප්ලව පක්ෂයේ නායකයා වන පෙඩ්රෝ බ්‍රියොන්ස් එස්මරේල්ඩස් පළාතේ පිහිටි ඔහුගේ නිවෙසේදී ඝාතනයට ලක්වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකිනි.

එරට මහපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන අතර, අපරාධ කල්ලි විසින් දේශපාලන ඝාතන සිදු කරන බවට වාර්තා පළ වී තිබේ. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ෆර්නැන්ඩෝ විලේවිසෙන්සියෝ ඝාතනයට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු එරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන් බව තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තර කිරීමට එක්වදෝර රජයට සිදු වී තිබිණී.

එක්වදෝරයේ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුව ඇති අතර, අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවන්නේ නම් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත. දෙවැනි වටයේ ඡන්ද විමසුම සඳහා ඔක්තෝබර් මස 15 වැනිදාට දින නියම කර ඇතැයි ද වාර්තා වේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. najlepsze escape roomy
  2. Shirley G

Post a new comment

Your email address will not be published. Required fields are marked *