දෙවැනි තරගයෙන් ලැබූ සුපිරි ජයත් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලියත් ජයගනී…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකාවේ තරග සංචාරයේදී තවත් අමිහිරි මතකයක් අද ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවිය.

අද පැවති දෙවන විස්සයි විස්ස තරගය ජයගැනීමත් සමග විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාව කල්තියාම තමන් සතුකරගැනීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමගය.

ඒ අනුව අද තරගයෙන් ලකුණු 72ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

බිනුර ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්තේය.

මෙහිදී විස්සයි වනිඳු හසරංග විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් තමන්ගේ 100 වන කඩුල්ල දවාගැනීම විශේෂත්වයකි.

මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කරගත්තේය.

ඒ අනුව ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 115ක් පමණි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *