දළදා පෙරහර නරඹන ආසන වාර්තාගත ඉහල මිලකට… ආසනයක් රුපියල් 35,000 යි…

HTML tutorial
Reading Time: < 1 minute

මෙවර දළදා මාලිගාවේ ඇසළ පෙරහර නැරඹීම සඳහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණීමට නියමිතව ඇති බැවින් පෙරහර නැරඹීමේ ආසන වාර්තාගත ඉහළ මිලකට අලෙවි වෙමින් පවතී.

රැජිණ හෝටලය ඉදිරියේ මහනුවර නගර සභාව මගින් පනවා ඇති පෙරහර නැරඹීමේ ආසන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

මේ වන විටත් රුපියල් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක ආසන අලෙවි වී අවසන් වී තිබේ.

රන්දෝලි පෙරහර සඳහා එහි ඉදිරිපස ආසනයක් රුපියල් විසිපන්දහසක්
වැනි මුදලකට අලෙවි වී තිබේ.

වෙනත් පෞද්ගලික අංශ විසින් පෙරහැර බාරයට යටත්ව පනවා ඇති ආසන ද රුපියල් 30,000-35,000 දක්වා වූ මිල ගණන් වලට අලෙවි කරමින් පවතී.

මෙම කාලයේ දී ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් මහනුවරදී පැවැත්වෙන නිසා එය නැරඹීමට පැමිණෙන විදේශිකයන් පෙරහැර නැරඹීමට ද පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

මේ වන විටත් මහනුවර අවට සංචාරක හෝටල් සියල්ලකම කාමර වෙන් කිරීම සිදු කර අවසන් වී තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape room
  2. Ken_A

Post a new comment

Your email address will not be published. Required fields are marked *