දසුන් සහ දිමුත් පළමු පුහුණු තරගයෙන් ජය ගෙනෙයි

HTML tutorial
Reading Time: < 1 minute

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමෙ සඳහා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය පරාජය කරමින් කඩුලු 3ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

අද (13) පැවති මෙම පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිම පන්දුවාර 45.3ක් අවසානයේ ලකුණු 214කට සීමා වුනා.

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Saqib Zulfiqar පන්දු 64කට මුහුණ දෙමින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර හයක් ඇතුළත් වුනා.

Teja Nidamanuru පන්දු 62කට මුහුණ දෙමින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වෙද්දී, නායක Scott Edwards ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනේ පන්දු 48කට මුහුණ දෙමිනුයි.

වෙනත් කිසිදු නෙදර්ලන්ත පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ළඟා වීමට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ හැකි වුනේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 19ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙද්දී, මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 215ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 37.1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 52ක් තුළ ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර අටක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 55කට මුහුණ දෙමින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වූ අතර චරිත් අසලංක ලකුණු 29ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නෙදර්ලන්තය වෙනුවෙන් Clayton Floyd ලකුණු 40කට කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගය සාර්ථකව අවසන් කළ අතර ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි පුහුණු තරගය බ්‍රහස්පතින්දා (15) ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ ඇතුළු සමස්ත තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *