දයාසිරිගේ මහලේකම්කමට දුමින්ද තට්ටු කරයි… සිරිසේනගේ සහායත් දැන් ඔහුටයි…

HTML tutorial
Reading Time: < 1 minute

අත පාටියෙ මහ ගෙදරට පය තිබ්බ කට්ටිය දැන් හරිම ඉහළයිලු පක්ෂයේ ලොකු තැනට. ඒ අයට ආණ්ඩුවෙන් අයින් වෙන්න එපා කියලත් කිව්වලු. කොහොම වුණත් මේකට විරුද්ධව පක්ෂයේ ලියන මහත්තයා ගතු කිව්වත් ලොකු තැන ඒවා තඹයකට මායිම් කළේ නෑලු. ඒත් නැවත මහ ගෙදරට ආපු කට්ටිය ගෙනාපු යෝජනාවකට ලොකු තැනත් දැන් කැමැති වෙලාලු තියෙන්නේ.

ඒ තමයි ලියන මහත්‍තයව මාරු කරන්න යන වැඩේ. උතුරුමැද පැත්තේ දිසාවකට නායක කෙනෙක් තමයි අලුතින් දාන්න කියන්නේ. ඒකට හේතුව එයා එක්ක සංවිධායකවරු වැඩ කරන්න කැමැති කිව්ව නිසාලු. කොහොම වුණත් අලුත් ලියන මහත්තයා ගේන වැඩේ ළඟ ළඟ එන නිසා දැන් ඉන්න ලියන මහත්තයයි, අර මෑතක සන්ධානයට දාපු ලියන මහත්තයයි පක්ෂයේ පිරිසක් වෙනම අරගෙන මේ අයට විරුද්ධව බාල්දියක් පෙරළන්නලු යන්නේ. මේක ලොකු තැනටත් ආරංචි වෙලාලු. ඒ නිසා ඉක්මනින්ම දැන් ඉන්න ලියන මහත්තයට ගෙදර යන්න පාර කපන්නලු ගොඩක් අයගේ ප්ලෑන් එක.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *