තිස්පන්දහ නැති කළැයි දොස්තරලාගෙන් කොක්කක්


රජයේ වෛද්‍ය නිලධාරීන්ට ලබාදීමට තීරණය කර තිබූ රුපියල් තිස්පන්දාහේ දීමනාව හදිසියේ නතරකිරීමට විරෝධය දැක්වීමට රටපුරා රෝහල්වල වෛද්‍යවරු හෙට (24) වැඩ වරවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය හා සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද දිගුකාලීන වැඩසටනක ප්‍රතිඵලයක් ලෙස එම දීමනාව ලබා ගත් බවද වෛද්‍ය හරිත අලුත් ගේ මහතා කීය.
ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණය කර එම දීමනාව මේ මස වැටුපට ලබා නොදීමට තීරණය කර ඇතැයිද වෛද්‍ය හරිත අලුත් ගේ මහතා කීය.
ගැටළුවට විසඳුම් ලබා දෙන තෙක් වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ හෙට (24) ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?