තිරිමාන්න හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් හේතුව මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති බව පවසමින් සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත. 33 හැවිරිදි තිරිමාන්න සඳහන් කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බවයි.

“පසුගිය වසර කිහිපය තුළ මගේ රට නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්. මේ ක්‍රීඩාව වසර ගණනාවක් තිස්සේ මට බොහෝ දේ ලබා දුන්නා. නමුත් මිශ්‍ර හැඟීම් රාශියක් ද සහිත ව වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් මගේ විශ්‍රාම ගැනීම මෙසේ නිවේදනය කරනවා.” ඔහු සඳහන් කොට තිබේ.

ඔහු එක්දින ජාත්‍යන්තර තරග 127කදී ලකුණු 3194ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් තරග 44ක දී ලකුණු 2088ක් ලබා ගැනීමට සමත් විය.

“ක්‍රීඩකයකු ලෙස මම මගේ උපරිමය ලබා දුන්නා, මම ක්‍රීඩාවට ගරු කරලා, මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටු කළා. මෙය ගැනීමට අපහසු තීරණයක්. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට බලපෑ අනපේක්ෂිත හේතු මට මෙහි සඳහන් කළ නොහැකියි” තිරිමාන්න සඳහන් කොට ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *