තවත් තරගාවලි ජයක් පතා සිංහයෝ අද තරග බිමට…

HTML tutorial
Reading Time: < 1 minute

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3න් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට්ත රගාවලියේ දෙවන තරගය අද (19 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විටත් තරගයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන් අතර අද තරගයටත් අති විශාල ජනකායක් පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැක.

තරගාවලියේ පළමු තරගය පෙරේදා (17 වැනිදා) පැවැති අතර තියුණු සටනකින් අනතුරුව තරගය ලකුණු 4න් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය වන පෙරේදා තරගයටත් අති විශාල ජන සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර නවීකරණය කළ ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකවලින් සංදර්ශනයක්ද එදින පැවැත්විණි.

පළමු තරගයට මෙන්ම අද තරගයටත් කාලගුණයෙන් බාධාවක් එල්ල නොවන බවට අනාවැකි පළ වී තිබෙන අතර බොහෝදුරට කාසියේ වාසිය හිමි නායකයා ප්‍රථමයෙන් පන්දු යොමු කිරීමට තීරණය කරනු ඇත. තණතීරුව පිතිකරුවන්ට පාරාදීසයක් වූවත් වේගයෙන් ලකුණු රැස් කිරීමට නම් පන්දුව එන එල්ලයේ පහර දීම අනිවාර්ය වන හැඩක් පෙරේදා දිස් වූ අතර තරගයේ පළමු පන්දුවාර කීපයේ වැඩි දෝලනයක් සහ ඉල්පීමක්ද දක්නවට ලැබිණි. කෙසේ වෙතත් තණතීරුවට හුරුවීමෙන් අනතුරුව ලකුණු රැස් කිරීම ඉතා පහසු වන මෙම ක්‍රීඩාංගණයේදී ලකුණු 170 – 180 අතර අගයක් පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ඉලක්කය කර ගත යුතුය.

‘අයි. පී. එල්. ටී20’ තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර තුන්වෙනියා බවට පත්වෙමින් ජයග්‍රාහී මුම්බායි එමිරේට්ස් කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබාදුන් කුසල් ජනිත් අද තරගයට සහභාගී වනවාද යන්න තවමත් නිල වශයෙන් සඳහන් කොට නොමැති අතර බොහෝ දුරට ඔහු අද ක්‍රීඩා නොකිරීමේ ඉඩක් ඇත. කෙසේ වෙතත් පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු වීමට යම් ඉඩක් තිබෙන අතර බිනුර ප්‍රනාන්දු විවේක ගන්වා නැවත දිල්ශාන් මධුසංක අද තරගයට එක් කර ගැනීමට ඉඩක් පවතී. එමෙන්ම දඟ පන්දුවට ඉතාමත්ම හොඳින් පහර දෙන වනිඳු හසරංග නැවත වතාවක් පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා ගැනීමටද ඉඩක් ඇත.

ක්‍රීඩා කළ හැකි යැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම –

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය දි සිල්වා, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, වනිඳු හසරංග, දසුන් ශානක, ඇන්ජෙලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, දිල්ශාන් මධුසංක, මතීෂ පතිරණ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *