ජෙරම් ප‍්‍රනාන්දුට පෙර වැරදි නෑ.. ‘මිරකල් ඩෝම්’ ඉඩම තෑග්ගක්..- CID

HTML tutorial
Reading Time: < 1 minute

අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නියෝග නිකුත් කර තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හෝ පවුලේ සාමාජිකයන්ට මුල්‍ය විශුද්ධිකරණ පනතට අදාලව පෙර වැරදි වාර්තා නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඔහුට ඔහු පවුලේ සාමාජිකයන්ට මූල්‍ය විශුද්ධිකරණය චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නොහැකි බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම විමර්ශන සිදුකර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය නම් සංවිධානය විසිනි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ට එරෙහිව කරන ලද පැමිණිල්ලක් මතයි.

කටුනායක ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘මිරකල් ඩෝම්’ නැමැති ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉඩම ලබාදී ඇත්තේ තෑගි ඔප්පුවක් මගින් ව්‍යාපාරිකයෙකු විසින් බවද ඔවුන් හෙළි කරගෙන තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape room
  2. GudrunC

Post a new comment

Your email address will not be published. Required fields are marked *