ජාතික රෝහලේත් විදුලිය නවතී… ටෝච් ගහගෙන සැත්කම් කරයි…

HTML tutorial
Reading Time: < 1 minute

කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) පෙරවරු 10 සිට පැය 8කට වැඩි කාලයක් විදුලිය විසන්ධි වී තිබේ.

ඒ හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇත.

අභ්‍යන්තර දුරකථන පද්ධතිය හා වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වී ඇත.

ඒ හේතුවෙන් වෛද්‍යවරුන්ද රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් තමන් නිරතවී සිටි සැත්කම් විදුලිපන්දම් ආධාරයෙන් ද සිදු කර තිබේ.

විදුලිය බිඳ වැටීමත් සමඟම ලේ බැංකුවේ කටයුත්ත ද පැය ගණනාවකට ඇණ හිට තිබිණි.

දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර, බැටරි බලයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබිණි.

ජාතික රෝහලේ නඩත්තු අංශයේ පරිපාලන නිලධාරීන් නව දෙනෙකු සේවය කරන අතර මෙම විදුලි බිඳවැටීම සිදුව ඇත්තේ ඔවුන් සේවයේ සිටියදී ය.

කෙසේ වෙතත් මේ වන විට විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Felicitas.O

Post a new comment

Your email address will not be published. Required fields are marked *