ජාතික ක්‍රීඩා සභාවට පත්වුනු අලුත් සාමාජිකයන්…

HTML tutorial
Reading Time: < 1 minute

ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයන් ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් පත් කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 4 (2) වගන්තියට අනුව සහ එහි රෙගුලාසිවලට අනුව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් මේ වසරේ සිට 2026 දක්වා වසර 3ක කාලයක් සඳහා මේ පත්වීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ ඇමැතිවරයා අතින් ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පාලනය සම්බන්ධ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීම ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රමුඛතම වගකීම වන අතර, එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි.

මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. මහේෂන් මහතා එක්ව සිටියේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *