ජනාධිපති බැසිල්වත් මෙල්ල කරයි… පොහොට්ටුව අඛණ්ඩව සහාය දෙනවලු…

HTML tutorial
Reading Time: 2 minutes

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ එම පක්ෂයේ නායකයින් අතර විශේෂ හමුවක් අද (15) පැවැත්වේ.

ඒ, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.

දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් මෙම හමුවයට කැඳවා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේ, පක්ෂයක් ලෙසගත යුතු ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි.

ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  එකඟතාව පළකර තිබේ.

ජනාධිපති වික්‍රමසිංහ සමග ඊයේ (14) පැවති සාකච්ඡාවේ දී එම එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ටිරාන් අලස්, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී ඇත්තේ, පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම නුසුදුසු බවය.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු නියෝජිතයින් හට විශේෂ රැස්වීමක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණි. කෙසේවෙතත් එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී නොවු බව වාර්තා වේ.

අදාළ සිදුවීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර තිබේ.

එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වු බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *