ජනපති ස්විට්සර්ලන්තයෙන් උගන්ඩාවට

HTML tutorial
Reading Time: < 1 minute

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ ඇති බවය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත් වෙයි.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවෙකු අත් නොහරිමු’ යන්නය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *