ජනතාවගේ දැඩි ඉල්ලීම නිසා බන්දුල දුම්රියට කරන්න යන දේ…

HTML tutorial
Reading Time: < 1 minute

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

මේ පිළිබඳව අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලය පුරාම දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩ දැමීමට උත්සාහ කළ නමුත් ඉතා සුළු සිද්ධි පදනම් කරගනිමින් සේවකයන් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව අපහසුතාවට පත් වූ බවයි.

එමෙන්ම දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්නැයි ජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය නොකරන බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *