ජනකගේ බෙන්ස් ගාය විගණකාධිපති හෙලි කරයි.. CID පරීක්‍ෂණ..

HTML tutorial
Reading Time: < 1 minute

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා එම ධුරයේ කටයුතු කරද්දී භාවිතා කරන ලද මෝටර් රථය සඳහා මාසිකව රුපියල් 375,000 ක කුලියක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.

එය රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළි වී ඇත.

බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සඳහා හිටපු සභාපතිවරයා විසින් මෙම මුදල ගෙවා ඇති බවත් එම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය වසරේ මැයි මාසය අවසාන දක්වා නීතිවිරෝධීව ගෙවා ඇති බවත් විගණකාධිපතිවරයා විසින් කමිටුවට දී ඇත.

මේ සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ වාර්තා කරන ලෙස කමිටුව විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයාට දන්වා තිබේ.

එමෙන්ම අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ගැනීමට ද  කටයුතු  කර  ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape roomów
  2. Jacqueline.K

Post a new comment

Your email address will not be published. Required fields are marked *