චීන කොමියුනිස්ට් ලොක්කා ජනපති රනිල්ව හමු වෙයි

HTML tutorial
Reading Time: < 1 minute

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් ඇතුළු චීන නියෝජිත පිරිස පසුගිය දා (ජූලි 22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් ප්‍රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කර ඇති අතර රට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද පැහැදිලි කර ඇත.

එසේ ම, මෙම කටයුතුවලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන් ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අදහස් දක්වා ඇත.

එම කටයුතු අවසන් වීමෙන් පසු, නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබේ.

අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම අගය කර ඇති චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන ගමන් මග පිළිබඳව ද විශ්වාසය පළ කර ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *