ගෝඨාභය රටින් යයි…

HTML tutorial
Reading Time: < 1 minute

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ විදෙස් සංචාරයක නිරත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එය වන්දනා ගමනක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාම්බෝජය සහ ලාඕසය වෙත පිටත් යාමටයි සූදානමින් සිටින්නේ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයා පිළිබඳ ඉකුත් සතියේ විශේෂ අවධානයක් යොමුවූයේ ඔහුගේ ජන්ම දිනය පසුගිය සතියට යෙදී තිබීම හේතුවෙන්.

ජනපති ධුරයෙන් නික්ම යාමෙන් පසුව දේශපාලන කරළියට නොපැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, අත්‍යවශ්‍ය උත්සවයකට මිස වෙනත් කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී නොවුණි.

එහෙත් මෙවර හිටපු ජනාධිපතිවරයාගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය 20 වැනිදා කොළඹ නාරාහේන්පිට ගෞතම විහාරයේ විශේෂ බෝධි පූජාමය පිංකමක් සංවිධානය වූ අතර එම පිංකම සංවිධානය කිරීමට කටයුතු කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් විසිනි.

රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වූ මෙම විහාරයේ විහාරාධිපති ඕමල්පේ සුමනරතන හිමියන්ද මෙම කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන තිබුණා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *