ගුරු වෘත්තීය සමිතිවලින් “යුක්තිය” ට බාල්දියක් !

HTML tutorial
Reading Time: < 1 minute

පාසල් පරිශ්‍ර තුළ සිසුන්ට මානසික හා කායික බාධාවක් විය හැකි කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකරන ලෙස අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති, ලංකා ගුරු සේවා සංගමය (CTSU) සහ ලංකා ගුරු සංගමය (CTU) රජයෙන් ඉල්ලා ඇත.

යුක්තිය  මෙහෙයුමට සමගාමීව පාසල් අවට මත්ද්‍රව්‍ය උවදුර “තුරන්” කිරීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් මත්ද්‍රව්‍ය සැපයුම් දාමය අඩපණ කිරීමේ අදහසින් නව වැඩපිළිවෙලක් දියත් කිරීමේදී පාසල් තුළ කිසිදු පරීක්ෂාවක් සිදු නොකළ යුතු බවට වෘත්තීය සමිති අදහස් පළකර ඇත.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසා ඇත්තේ එවැනි පරීක්ෂණ හේතුවෙන් සිසුන්ට මානසික හා ශාරීරික ව්‍යාකූලතා ඇතිවිය හැකි බවත්, ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය අඩාල විය හැකි බවත්ය. මත්ද්‍රව්‍ය උවදුර පාසල්වලින් තුරන් කිරීමේ අවශ්‍යතාව ඔවුන් තේරුම් ගෙන ඇති නමුත් එය සාක්ෂාත් කර ගත හැක්කේ “පිටපත් මත පදනම් වූ” වැඩසටහන් වලින් නොව පුළුල් වැඩසටහනකින් පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ ජනප්‍රියත්වය සඳහා වරින් වර මෙවැනි වැඩසටහන් හඳුන්වා දෙන නමුත් ගුරුවරුන්ට හෝ සිසුන්ට කිසිදු සෙතක් අත් නොවන බවද ජයසිංහ මහතා චෝදනා කළේය. එවැනි වැඩසටහන්වල ප්‍රතිවිපාක සෘජුවම දරුවන්ට බලපාන බැවින් ඉතා ප්‍රවේශමෙන් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද පවසා ඇත්තේ, පාසල් තුළ සිදුකරන ඕනෑම ආකාරයක විමර්ශනයකට සංගමය දැඩි ලෙස විරුද්ධ බවත්, වෙනත් කෙනෙකුගේ ප්‍රචාරණයකට දරුවන් ගොදුරු නොවිය යුතු බවත් ය. “මාස කිහිපයකට පෙර පොලිසිය පාසල්වලට ‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) ගෙන එන බව පවසමින් සිසුන්ගේ බෑග් පරීක්ෂා කළා. නමුත්, කිසිවක් සොයා ගත්තේ නැත. මේකත් (වැඩසටහන) ඒකට ගොඩක් සමානයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පාසල් තුළ වැටලීම් සිදු නොකරන ලෙසයි.

වසන්ත කුමාරසිරි රත්නායක

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *