ගාසා අර්බුදය දුරදිග යන ලකුණු

HTML tutorial
Reading Time: < 1 minute

ගාසා තීරයේ ගැටුම් අවසන් වුවද පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට තමන් විරුද්ධ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

තමන් මේ පිළිබඳ අමෙරිකාවට ද දැනුම් දීමක් සිදුකළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

සම්පූර්ණ ජයග්‍රහණය තෙක් සටන නැවතීමට තමා සුදානම් නොමැති අතර පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධ යෝජනා එකහෙළා ප්‍රතික්ෂේප කරන බව එරට මාධ්‍යවේදීන් අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාව යෝජනා කළ පලස්තීනය සමඟ ද්වි-රාජ්‍ය විසඳුම් ක්‍රියාවලියට ද තමා එකඟ නොවන බව එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඊජිප්තුව අතර සාකච්ඡාවක් සිදුකර තිබේ.

දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර එම සාකච්ඡාව සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, උගන්ඩාවේ කම්පාලා නුවරදීය.

එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ නේපාල විදේශ අමාත්‍යවරයා අතරත් කම්පාලා නුවරදී හමුවක් සිදුවී ඇත.

ඉන්දීය හමුදා නිලධාරීන් ඉවත් කරගැනීම පිළිබඳ දැනට පවතින ඉහළ මට්ටමේ සාකච්ඡා පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා එහිදී අදහස් හුවමාරු කරගත් බව පැවසෙයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *