ගස් පැවිදි කිරීම විගඩමක්… ත‍්‍රිපිටකයේවත් එහෙම දෙයක් නෑ…

HTML tutorial
Reading Time: < 1 minute

අවිචාරවත් භික්ෂූන් වහන්සේලා විසින් ගස් පැවිදි කිරීමේ විගඩම් හේතුවෙන් බෞද්ධ ශාසනික සම්ප්‍රදාය හෑල්ලුවට ලක් වී ඇතැයි පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ කියා සිටිති.

කතාබහට ලක්ව ඇති ගම්පහ දාරළුවේ පඬු කරඳ ගස පවා පැවිදි කළ බව පැවසූ බව පවසමින් විගඩමක් සිදු කළ බවත් එය අද වන විට සමාජයේ හාස්‍යයට ලක් කර ඇති කාරණාවක් බවත් උන්වහන්සේ කියා සිටිති.

ත‍්‍රිපිටකයේ කිසිදු ස්ථානයක ගස් පැවිදි කිරීමක් පිළිබඳව සඳහනක් නැති බවද විපස්සී හිමියෝ කියා සිටිති.

මේ ආකාරයේ නොගැළපෙන කටයුතු නිසා ශාසනික සම්ප්‍රදායට විශාල හානියක් සිදු වී ඇති බව ද උන්වහන්සේ ගේ මතයයි.

ඇතැම් භික්ෂූන්ට ශාසනික සම්ප්‍රදාය ගැන නිසි අවබෝධයක් නොමැතිකම නිසා මෙවන් විකාර ක්‍රියාවන් කරන බවද හෑගොඩ විපස්සි හිමියෝ කියා සිටිති.

ඇතැම් භික්ෂූන් ධර්මය පිළිපදිනවා වෙනුවට සමාජය ඇදහීමට යාමෙන් සාසනය විනාශය කරා දිනෙන් දින ගමන් කිරීම වැළැක්විය නොහැකි බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *