කෝටි හතරක කේරල ගංජා මුහුදේ පාවේ…
යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික ප්‍රමාණයක් සොයගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික අනුඛණ්ඩය මඟින් කුඩා යාත්‍රා යොදවා, මාමුනෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ (08) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර හතරක් නිරීක්‍ෂණය පසු එම උර පරික්ෂා කිරීමේදී එම උර හතර තුල පාර්සල් 53 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 128 ග්‍රෑම් 100 ක පමණ තොගයක් සොයාගනු ලැබීය.
නාවික හමුදාව ක්‍රියාත්මක කරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 42 කට අධික වන අතර නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගෙන ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?