ප්‍රංශයේ යුද නැව කොළඹ වරායට ආවේ මොකටද…

HTML tutorial
Reading Time: < 1 minute
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
 මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Electromagnetic Research Vessel වර්ගයට අයත්  ‘Dupuy de Lôme’ නෞකාව, දිගින් මීටර් 102.40 ක් හා නැව් මුළුව 107 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Augustin Blanchet කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘Dupuy de Lôme’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, ‘Dupuy de Lôme’ නෞකාව 2023 ජුනි මස 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *