කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහළට

HTML tutorial
Reading Time: < 1 minute

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 11 වෙනි දිනයටත් අද (23) දින පහළ යන ලදී.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 92.60 කින් පහළ ගොස් ඒකක 10,279.09 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශක අගය ඒකක 25.09 කින් පහළ ගොස් ඒකක 2,901.30 ක් ලෙසින් සටහන් විය.

සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, රිචඩ් පීරිස් ඇන්ට් කම්පැනි, සම්පත් බැංකුව සහ එයිට්කන් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ දැඩි බලපෑමක් එල්ල කර තිබුණි. ඒ ඇතුළුව සමාගම් 123 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් ඇති බව කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.

රු. මිලියන 700 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *