කෙහෙළිය හිතා මතා ගහන ගේම මුසම්මිල් හෙළිකරයි… වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

රජයේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වට්ටවා පෞද්ගලික රෝහල් ගොඩ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මෙම කටයුත්ත සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නොදැනුවත්කමින් නොව සැලසුම් සහගතව බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න නිර්නායක නෑ කියලා. එහෙනම් පරීක්ෂනාගාර මොකටද ? NMRA වැනි ආයතන මොකටද?.

මේක සෞඛ්‍ය ඇමතිවරයාගේ නොදැනුවත්කම විතරක් නෙවෙයි ගේම් එකක්. රජයෙ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාශය බිද වට්ටලා පෞද්ගලික රෝහල් ගොඩදාන කොන්ත්‍රාත් එකක්.

ඖෂධ ප්‍රශ්න වෙනුවට රෝහල් අවට තිබෙන අවමංගල ශාලා ගැන කියවනවා . මේවද සෞඛ්‍ය ඇමති දෙන උත්තර? අපි කියනවා ජනජීවිතය අර්බුදයට නොයවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *