කෙහෙලියට එරෙහිව අත්සන් දස දහසක පෙත්සමක්…


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙ ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පල කිරිම පිණිස නාවලපිටිය ප්‍රදේශයෙන් අත්සන් දස දහසක් ලබා ගැනිමේ වැඩසටහනක් නාවලපිටිය දිස්ත්‍රික් මුලික රෝහල ඉදිරිපිටදි (13) දින සිදු කෙරිණ.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම අත්සන් ලබා ගැනිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
රෝහල් වලට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු එන්නත් සහ ඖෂධ ලබා නොදි ප්‍රමිතියෙන් තොර එන්නත් සහ ඖෂධ ලබාදිම තුලින් රටේ ජනතාවගේ ජිවිතවලට අවධානමක් මතු වි ඇති බවත්, රෝහල් වලට අවශ්‍ය උපකරණ ලබා නොදිම , ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරිම නිසා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමේ අවධානමකට ලක් වි ඇති බවයි සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ.
නාවලපිටිය ආසනයෙන් ලබාගන්නා අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත්, අත්සන් ලබා ගැනිමේ වැඩසටහනට නාවලපිටිය ප්‍රදේශයේ ජනතාවගේ පුර්ණ සහය ලැබි ඇති බවයි සසංක සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?