කැබිනට් අනුමැතිය අවශ්‍ය නෑ… චැනල් අයි, ලයිකාට දුන්නා…- බන්දුල

HTML tutorial
Reading Time: < 1 minute

ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව මසකට රුපියල් මිලියන 25 ක මුදලකට පෞද්ගලික සමාගමකට කෙටිකාලීනව බදු පදනම මත ලබා දුන් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද හෙතෙම පැවසීය.

මෙවන් කටයුත්තට කැබිනට් අනුමැතිය අවශ්‍ය නොවුණු නිසා තමන් එම පත්‍රිකාව ඉවත් කරගත් බවත් පැවසූ ඔහු ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ තමන්ගේ අනුමැතියෙන් අදාළ බදු ගිවිසුම අත්සන් තැබූ බවද කියා සිටියේය.

එම නාලිකාවේ විදුලි බිල්, ජල බිල්, මෙන්ම සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයට රූපවාහිනී සංස්ථාව පත් වූ නිසා මෙම පියවර ගත් බවද හෙතෙම පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *