කසකස්තානය 66යි ශ්‍රී ලංකාව 34යි… ලංකාව පරාදයි…

HTML tutorial
Reading Time: < 1 minute

තායිලන්තයේ බැංකොක් නුවරදී ඊයේ ආරම්භ වූ ආසියානු කාන්තා බාස්කට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා කසකස්තානය අතර තරගයෙන් ලකුණු 66-34ක් ලෙස ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. තරගයේ පළමු කාර්තුවේදී ලකුණු 23-8ක් ලෙස කසකස්තානය ඉදිරියෙන් සිටි අතර, දෙවැනි කාර්තුවේ ලකුණු තත්ත්වය වූයේ 18-6කි. තෙවැනි කාර්තුවේදී 17-8ක් හා සිවුවැනි කාර්තුවේදී 8-12ක් විය.

රටවල් 8ක සහභාගිත්වයෙන් මේ මස 19 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර, අද දෙවැනි තරගය ජෝර්දානය සමඟ පැවැත්වීමට නියමිතය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *