කපුකමක්

HTML tutorial
Reading Time: < 1 minute

අලි පාටියේ හිරු සඳු වගේ බලවත් දෙන්නෙක් කාලයක ඉඳලා වැඩිය හිත හොඳ නෑලු. එක්කෙනෙක් කොළඹ කරුණාවට බර නායකයෙක්ලු. අනික් කෙනා දෙණි-යායකින් ආපු දැන් රජ ගෙදර වැඩ කරන කෙනෙක්. මේ දෙන්නා පක්ෂයේ වැඩ නිසාම වැඩිය ඇයි හොඳයියක් නැතුවලු හිටියේ. ඒත් මේ ළඟදී රටේ ලොකු තැන කොළඹ කෙනාට කතා කරලා කිව්වලු අද අමුත්තෙක් එක්ක ඒ පැත්තේ එනවා කියලා. කවුද කියලා කිව්වේ නෑලු.

කොහොම හරි කිව්ව විදිහට ලොකු තැන ගියාලු ඒ ගෙදර. ගියේ කාලයක් නෝක්කාඩුවෙලා හිටිය දකුණෙ එක්කෙනා එක්කලු. ලොක්කා අමුත්තා කියලා එක්කන් ආවේ එයාලු. කොහොම හරි මෙතැන ලොකූ කපුකමක් වෙලා මේ කාලයක් වෙන්වෙලා හිටිය දෙන්නම යාළු කෙරුවලු. ඒ ඉස්සරහට ලොකු වැඩ වගයකට දෙන්නවම සූදානම් කරන්නලු.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *