කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට…


දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය. මේ මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී මේ ශූරතාවලිය පැවැත්වීමට නියමිතය.
පළපුරුදු සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රනිත්මා ලියනගේ, නෙත්මි අමායා රත්නායක, සිතුලි රණසිංහ, රනුමි සුහස්නි මානගේ, සෙනුත් සෙත්මිණ පෙරේරා, කෙනෙත් අරුග්ගොඩ, තිඩස ඉරුෂික වේරගොඩ සහ හිරුක සහන්මිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති.
පුහුණුකරු ලෙස හසිත චානක මහතා එක්වී සිටින අතර, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස ධම්මිකා විතානගේ මහත්මිය ද සංචාරයට එක්වූවාය. දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලිය එම කලාපයේ සිටින දස්කම් සපිරි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සිය දස්කම් පෙන්නුම් කිරීමට එක්වී සිටින අතර, තරුණ ජවය, ක්‍රීඩාශීලීත්වය හා තරගකාරිත්වය ඉහළ මට්ටමක පවතිනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Rattling good information can be found on weblog.Raise your business