කතරගම පෙරහැර නිසා පාසල් තුනකට වෙච්ච දේ…
![](https://lankaaththa.lk/wp-content/uploads/2023/06/Kataragama-perahara-290x150.jpg)
![HTML tutorial](https://lankaaththa.lk/wp-content/uploads/2023/06/Dialog_728x90.gif)
Reading Time: < 1 minute
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19 වනදා සිට ජූලි 04 වනදා දක්වා කතරගම පාසල් තුනකක් වසාදැමීමට තීරණය කර තිබේ.
තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසුවේ, එම පාසල් මේ මස 19 වනදා සිට වසා දැමීමට තීරණය කර ඇති බවය.
ජූලි මස 03 වනදා මහ පෙරහැරින් පසු දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහැර නිමාවට පත් වනු ඇත.
පෙරහැර මංගල්‍යය සඳහා විශේෂ රාජකාරියට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ.
ඒ, අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිත බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?