ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අවසන්… විසඳුම් නොදුන්නොත් අඛණ්ඩව කරනවා…

HTML tutorial
Reading Time: < 1 minute

රජයේ ඖෂධවේදීන් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අද (17) පෙරවරු 08ට අවසන් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බවය.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වූ අතර තමන් දැඩි අසීරුතාවට පත්වූ බවට රෝගීන් චෝදනා කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Shawn-K

Post a new comment

Your email address will not be published. Required fields are marked *