ඔන්ලයින් පනතේ කොටසක් ’’රිවර්ස්’’

HTML tutorial
Reading Time: < 1 minute

විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් ) වෙනස් කරේ.

මේ අනුව පනතට අදාළව සංශෝධන 47 ක් කැබිනට් මණ්ඩලයට අද(11) ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කෙරෙන්නේ එම පනතේ වගන්ති 47 ක් වෙනස් කිරීම සඳහාය.

මෙම සංශෝධන කැබිනට් මණ්ඩලයේදී අද බොහෝදුරට සම්මත වීමට නියමිතය. මේ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු පළමු වර කියවීම සඳහා බොහෝ දුරට පාර්ලිමේන්තුවට ලබන 20 වැනිදා ඉදිරිපත් කෙරේ.

එම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වවල දැඩි විවේචන එල්ලවී ඇත. මෙම පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේදීද චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනතට සංශෝධන සකස් කිරීම අවසන් අදියරේ පවතින බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *