කමින්ස්ගේ “උරුමය සනාථ කරන ජයග්‍රහණය”

HTML tutorial
Reading Time: < 1 minute

ටෙස්ට් ලෝක ශූරයන් වීමෙන් පසුව මීළඟට පැවැත්වෙන අළුබඳුන තරගාවලියත් ජය ගත හැකි නම් එය “උරුමය සනාථ කරන” ජයග්‍රහණයක් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසනවා.

ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව ලකුණු 209ක ජයක් වාර්තා කළා. එය ඔවුන්ගේ පළමු ටෙස්ට් ලෝක ශූරතාවයයි.

අළුබඳුන තරගාවලිය එළඹෙන සිකුරාදා එංගලන්තයේ දී පැවැත්වෙන අතර එය ජය ගැනීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තුවක්. 2001 සිට ඔවුන් එංගලන්තයේ දී අළුබඳුන තරගාවලි ජයක් වාර්තා කොට නැහැ.

“අපි කැමති වුනත් නැතත්, අළුබඳුන තමයි කණ්ඩායම් සහ යුග සනාථ කරන්නේ,” කමින්ස් BBC වෙත පැවසුවා.

2021-22 තරග වාරයේ ඕස්ට්‍රේලියාවේ දී පැවති අළුබඳුන තරගාවලියේ තරග පහෙන් හතරක්ම ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අළුබඳුන ජය ගත්තා. එංගලන්ත කණ්ඩායම අවසන් වරට අළුබඳුන තරගාවලිය ජය ගත්තේ 2015 දීයි.

“අන්තිම අවුරුදු දෙකේ අපි නියම ක්‍රිකට් එකක් ගැහුවා. ඒක අවසානයේ කුසලානය අතේ තියාගෙන ඉන්න ලැබීමට අපි සුදුසුයි, කමින්ස් පැවසුවා.

“අපේ කණ්ඩායමට ඒක හොඳයි. අළුබඳුන දිනන්න අමාරුයි,” ඔහු පවසන්නේ සිය කණ්ඩායම උනන්දුවෙන් තැබීමට විය යුතුයි.

“ඒක ලේසි වෙන එකක් නෑ. ඒත් ඒක දිනන්නේ අපි වුනොත් ඒක උරුමය සනාථ කරන දෙයක් වේවි,” ඔහු පැවසුවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *