එල්පීඑල් ජූලි 1 වැනිදා සිට

HTML tutorial
Reading Time: < 1 minute

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජූලි 1 දා මහනුවර හා දඹුල්ල අතර තරගයෙන් පල්ලේකැලේදී ආරම්භ වෙයි. කොළඹ ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුලු හා පල්ලේකැලේ ක්‍රීඩාංගණවලදී මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, ජැෆ්නා, ගෝල්ර්ස්, දඹුල්ල, කැන්ඩි සහ කලම්බු කණ්ඩායම් පහ තරග බිමට පිවිසේ.

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට තරග 24ක් ඇතුළත් වන අතර අවසන් මහා තරගය ජූලි 22 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී විදුලි ආලෝක ධාරා යටතේ පැවැත්වීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු වූ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩක තෝරා ගැනීමක් සිදු කරන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *