‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බව කථානායක කියයි

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක් ව සිටියේය.

මෙහි දී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි.

එසේම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවති සාකච්ඡාවේ දී ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

තව ද රජයක් ලෙස ශ්‍රී ලංකාව සෑම විටම ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද මෙහි දී පවසා  තිබේ.

මෙයට අමතරව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *