ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්…
Reading Time: < 1 minute
හමාස් සංවිධානය, ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් මාර්තු මස 10 වනදා වන විට නිදහස් නොකළහොත් රෆාහි ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ .
ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික බෙනී ගාන්ට්ස් ප්‍රකාශයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කළේ.
ගාසාහි දකුණු දෙසින් පිහිටි රෆා නගරයට හමුදා ඇතුළුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය ප්‍රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.
මේ වනවිට එම නගරයේ මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් රැඳී සිටින අතර රාමසාන් උපවාස ශුද්ධ මාසය, මාර්තු මස 10 වනදා ආරම්භ වීමට නියමිතයි.
හමාස් සංවිධානය තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ රඳවාගෙන සිටින බවට ඊශ්‍රායලය විශ්වාසය පළ කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
BWER Company is Iraq’s leading supplier of advanced weighbridge systems, offering reliable, accurate, and durable solutions for industrial and commercial needs, designed to handle heavy-duty weighing applications across various sectors.