කිරිපිටි බද්ද ඉහල දමයි.. මිල ගැනත් තීරණයක්…


Reading Time: < 1 minute
ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද ඊයේ (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බව කිරිපිටි සමාගම් පවසයි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා 20%ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබූ අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇත.
එම බදු සංශෝධනය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?