ඉරානයේ ඉස්ලාම් දේවස්ථානයකට අයිඑස් ප්‍රහාරයක් 13ක් මරුට – 40කට තුවාල…VIDEO 

HTML tutorial
Reading Time: < 1 minute

ඉරානයේ ශිරාස් නුවර ඉස්ලාම් දේවස්ථානයකදී අයිඑස් ත්‍රස්තවාදියකු විසින් සිදු කරනු ලැබූ විවෘත වෙඩි තැබීමකින් බැතිමතුන් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. වසරක් ගතවීමට පෙර එම දේවස්ථානයට එල්ල වූ දෙවැනි ත්‍රස්ත ප්‍රහාරය මෙය බව වැඩිදුරටත් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබා ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ටෙහෙරාන් අගනුවරට දකුණින් පිහිටි ශිරාස් නුවර දේවස්ථාන භූමියට කඩා වැදුණු එම තුවක්කුකරුවා හතර අතට වෙඩි තබමින් බැතිමතුන් ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන අතර, පසුව එම ස්ථානයේදීම ඔහු ආරක්ෂක අංශ මගින් තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *