ඉන්දියාව සඳෙහි දක්ෂිණ ගෝලය ජය ගත් පළමු රට ලෙස ඉතිහාසගත වෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

මෙහෙයුමේ සාර්ථකත්වය සියලු මනුෂ්‍ය වර්ගයාටම අයිති බවට අගමැති මෝදිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය ජනතාව රතිඤ්ඤා දල්වා සතුට සමරති

ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඉන්දියාව විසින් පසුගියදා සඳට යවනු ලැබූ චන්ද්‍රයාන් -3 රොකට්ටුවේ වික්‍රම් ලෑන්ඩරය සහ රෝවරය ඊයේ ඉන්දීය වේලාවෙන් පස්වරු 6.04ට සඳ මතට ගොඩ බැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ඓතිහාසික සිදුවීමත් සමඟ චන්ද්‍රයාගේ දක්ෂිණ ගෝලය ජයගත් පළමු රට බවටත්, සඳ ගමන සාර්ථක කරගත් සිව්වැනි රට බවටත් ඉන්දියාව පත් විය. මේ වන විට බ්‍රික්ස් සමුළුවට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එහි සිට අන්තර්ජාලය ඔස්සේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙමින් එම ඓතිහාසික මොහොත සියැසින් දැක බලාගත් අතර, මෙහෙයුමේ සාර්ථකත්වය ඉන්දියාවට පමණක් නොව සියලු මනුෂ්‍ය වර්ගයාටම අයිති බව ප්‍රකාශ කළේය.

ඉන්දීය රොකට්ටුව සඳ මතට ගොඩ බැසීමට නියමිත වේලාව වේලාසනින්ම නිවේදනය කර තිබූ අතර, ඊයේ පස්වරුවේ එරට සියලු රූපවාහිනි නාලිකා සහ අන්තර්ජාල පුවත් සේවා සජීවිව එම අවස්ථාව ආවරණය කර තිබිණි. මේ ඉතිහාසගත සිදුවීම දැකබලා ගැනීමට ඉන්දීය ජනතාව කාර්යාල, කඩ සාප්පු, ආපනශාලා සහ නිවෙස්වල රූපවාහිනි වටා එක්රොක් වී සිටි බව ද වැඩිදුරටත් වාර්තා වේ. වික්‍රම් ලෑන්ඩරය සඳ ස්පර්ශ කළ මොහොතේ ඉන්දීය ජනතාව වීදි බැස රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

සඳ මතට ගොඩබට වික්‍රම් ලෑන්ඩරය ඇතුළත රෝද හයේ ප්‍රග්‍යාන් නමැති රෝවරය චන්ද්‍ර පෘෂ්ඨියේ සැරි සරමින් රූප හා දත්ත එක්රැස් කිරීමට නියමිත අතර, විද්‍යාඥයන්ගේ විශ්වාසය වී ඇත්තේ සඳෙහි අඳුරු කලාපයේ ස්ථීරවම ආවාටවල මිදුණු ශීතල ජලය ඇති බවටය.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Janna-I

Post a new comment

Your email address will not be published. Required fields are marked *